MediumA Guide to Package Managers for Developers 📦 | Medium
Sitemap

Package Managers for Developers 📦

2 min readFeb 1, 2026

--

හරි, අද අපි බලමු Package Managers කියන්නේ මොනවද, සහ ඔයා developer කෙනෙක් නම් ඔයාට විශේෂයෙන් ඒවා වැදගත් වෙන්නෙ ඇයි කියලා. 🙌

Press enter or click to view image in full size

සරලවම කිව්වොත් package manager එකකින් කරන්නෙ ඔයාට developer කෙනෙක් වශයෙන් ඕන වෙන software, CLI tools, libraries වගේ දේවල් හරිම ලේසියෙන් simple commands use කරලා install, update, remove කරගන්න එක.

හරි එතකොට දැන් ඔයාට හිතෙන්න පුලුවන් “මට ඉතින් google එකේ search කරලා apps download කරගන්න පුලුවන්නේද, ඇයි මම package manager එකක් use කරන්න ඕන” කියලා.🤔

ඒකට උත්තරේ මම දෙන්නම්, ඇයි ඔයා package managers use කරන්න ඕන ?

🚀 Speed & Convenience

ඔයා සාමාන්‍ය විදියට app එකක් install කරගන්න විදිය මොකද්ද ?

search on internet → search for the latest version → select your operating system → download → installation process → fix path issues → repeat

ඔයාට package manager එකෙන් apps install කරන්න පුළුවන් විදිය බලමු

brew install --cask google-chrome

පේනව නේ කොච්චර නම් ලේසිද කියලා. එක command එකයි, app එක download වෙලා install වෙලා use කරන්නත් පුලුවන්. මේ විදියට ඔයාට ඕන GUI apps, node, python, git, VS code වගේ developer කෙනෙක්ට ඕන වෙන හැමදෙයක්ම install කරගන්න පුලුවන්.

(මෙතනදි මම පෙන්නල තියන විදියට brew command එක use කරල apps downlaod කරගන්න නම් ඔයාලට Mac එකක් සහ Homebrew කියන package manager එක install කරගන්න වෙනවා මුලින්ම.)

Get Wenuja Liyanamana’s stories in your inbox

Join Medium for free to get updates from this writer.

🛠️ Dependancy Handling
Required files auto ම handle කරනවා.

✅ Easy Updates
Package manager එකක් use කරලා ඔයා download කරන apps, update කරන එක ගැන ඔයා තවදුරටත් worry වෙන්න ඕන නැහැ.

brew upgrade

මෙන්න මේ වගේ එක simple command එකකින් package manager එක හරහා install කරල තියන සියලුම apps update කරන්න ඔයාට පුලුවන්. වෙනදා වගේ මේ app එක latest version එකේ ද තියෙන්නෙ කියල හැමතිස්සෙම, එකින් එක, ckeck කරන්න ඕන නැහැ.

🗑️ Clean Uninstalling
App එකක්, library එකක් uninstall කරද්දි junk files ගැන worry වෙන්න දෙයක් නැහැ.

🔒 Secure & Trust
Trusted sources, verified downloads.

∞ Automation & Scripting
CI/ CD Pipelines, shell scripts එක්ක ගොඩක් හොදට වැඩ කරනවා.

🎈 Lightweight
Background apps, heavy installers and startup bloat කිසිම දෙයක් නැහැ.

🏢 Industry Default
හැම eco-system එකක්ම දැන් මේවා තියෙනවා, මේවා දන්නවා කියන්නෙ ඔයත් industry ready කියන එක.

හරි දැන් මොනවද මේ package managers වලට උදාහරණ ?

Operating System Package Managers:

MacOS: Homebrew
Linux: apt, dnf, pacman
Windows: winget

Programming Language Package Managers:

Node.js: NPM, Yarn, PNPM
Python: pip
PHP: Composer

--

--

Wenuja Liyanamana
Wenuja Liyanamana

Written by Wenuja Liyanamana

I write about my stories as a cs undergrad and the tech I daily use.